
ඉන්දීය නාවික හමුදාව විසින් ප්රථමවරට සංවිධානය කරන 'BIMSTEC - 2026' සමුද්රීය ආරක්ෂක අභ්යාසයට සහභාගී වීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාවට අයත් 'ගජබාහු' නෞකාව අද (25) දිවයිනෙන් පිටත්ව ගියේය.
එළැඹෙන 30වැනිදා සිට නොවැම්බර් 03 දක්වා පැවැත්වීමට නියමිත මෙම ඒකාබද්ධ අභ්යාසය සඳහා 'BIMSTEC' සාමාජික රටවල්වන බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්රී ලංකාව සහ තායිලන්තය නියෝජනය කරමින් නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකායන් සහභාගි වීමට නියමිතය.
සමුද්රිය ක්ෂේත්රය පිළිබඳ දැනුවත්භාව ඉහළ නැංවීම මෙන්ම බෙංගාල බොක්ක ආශ්රිත සමුද්රීය කලාපයේ මෙහෙයුම් සම්බන්ධීකරණය ගොඩනැගීම සහ කලාපීය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම අභ්යාසය මඟින් අවධානය යොමුකෙරේ.
ගජබාහු නෞකාව නාවික හමුදා සම්ප්රදායානුකූලව පිටත් වීමේ අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන, බටහිර නාවික විධානයේ නියෝජ්ය ආඥාපති කොමදෝරු අරුණ විජයර්වර්ධන, අධ්යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු අතුළ ජයවීර ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.



















































