header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
"ඉරාන ගැටුම කිසිවෙකුටත් වාසිදායක නැහැ " –අග්‍රාමාත්‍ය හරිනි
"ඉරාන ගැටුම කිසිවෙකුටත් වාසිදායක නැහැ "  –අග්‍රාමාත්‍ය හරිනි
Mobitel 1278

ඉරානයේ පවතින ගැටුම සහ පුළුල් මැදපෙරදිග කලාපයේ ගැටුම් වැනි යුද්ධ කිසිදු පාර්ශ්වයකට ප්‍රතිලාභයක් ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතාව වී ඇත්තේ කලාපීය සාමය ආරක්ෂා කිරීම, සිය සාගරික ආරක්ෂාව තහවුරු කිරීම සහ එම ගැටුමට සෘජුව සම්බන්ධ නොවී සිටීම බව ද ඇය සඳහන් කළාය.

CNN පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පැවසීය.

මෙම ගැටුම් හේතුවෙන් රටට ඇතිවන ආර්ථික බලපෑම්වලට මුහුණදීමට ද ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

එලෙසම මැදපෙරදිග කලාපයේ ගැටුම හමුවේ ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වාගෙන යන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සමුද්‍රීය පිහිටීම හේතුවෙන් කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ මෙරට මුහුදු සීමාවට ගැටුමේ බලපෑම් ඇතිවීම වැළැක්වීම අත්‍යවශ්‍ය බවද ඇය පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර ගැටුමේ ආර්ථික ප්‍රතිවිපාකවලින් ශ්‍රී ලංකාවටද බලපෑම් එල්ල වී ඇති බව පැවසූ ඇය විශේෂයෙන්ම බලශක්ති පිරිවැය ඉහළ යාම, ආර්ථික අර්බුදයෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටින මෙරට ආර්ථිකයට අමතර පීඩනයක් එල්ල කර ඇති බවද පැවසීය.

මේ අතර, පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝග සැලකිල්ලට ගැනීමේදී රටේ ආර්ථිකය සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

“අප මුහුණ දුන් තත්ත්වයන් සැලකිල්ලට ගත් විට, අප ඉතා හොඳින් කටයුතු කරමින් සිටිනවා,” යැයි ඇය පැවසීය.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන ක්‍රියාත්මක කිරීම, දූෂණය හා නාස්තිය අවම කිරීමේ උත්සාහයන් සහ පාලන ක්‍රමවේද වැඩිදියුණු කිරීම මෙම ප්‍රගතියට ප්‍රධාන වශයෙන් දායක වී ඇති බවද ඇය පැවසුවාය.

IMF වැඩසටහන සම්බන්ධයෙන් රජය මුල් අවධියේදී යම් අකමැත්තක් දැක්වූ බව පිළිගත් අග්‍රාමාත්‍යවරිය, පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් බව සඳහන් කළාය.

“අපි IMF වැඩසටහනට කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් අපට එය අනුගමනය කිරීමට සිදු වුණා,” යැයි ඇය පැවසීය.

එම වැඩසටහනේ ඇතැම් කොන්දේසි සමඟ රජය එකඟ වූ අතර, ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට ප්‍රමුඛත්වය ලබාදුන් බවද අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය.

වසර දෙකක කාලයකින් පසු ශ්‍රී ලංකාව වඩාත් ස්ථාවර ආර්ථික තත්ත්වයකට ළඟා වී ඇති නමුත්, නවතම ජාත්‍යන්තර වර්ධනයන් හමුවේ බාහිර ආර්ථික බලපෑම්වලට මෙරට ආර්ථිකය තවදුරටත් සංවේදී බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්