
අනුරාධපුර, තුරුවිල මාර්ගයේ අනුරාධපුර නගරය ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් 10 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
දහයියාගම වටරවුමේ සිට ගෙවල් 55 ප්රදේශය දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් ඊයේ (24) රාත්රියේ දී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් අදාළ දැරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



















































