
අමෙරිකාවේ ෆ්ලොරිඩා හි විශ්වවිද්යාලයක ක්රීඩාපිටියක් අසලදී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබු පුද්ගලයින්ගෙන් 06 දෙනෙකු වැඩිහිටි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් 06 දෙනා ළමුන් බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
වෙඩිවැදුණු පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.
අදාළ විශ්වවිද්යාලයේ පැවති පාපන්දු තරගයකින් පසුව ඇතිවු ආවුලක් දුරදිගයාමෙන් මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන් වෙයි.
වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා කර නොමැති බව විදෙස් මාධ්ය සඳහන් කළේය.



















































