
නිරිතදිග පාකිස්තානයේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බලොචිස්තාන් ප්‍රාන්තයේ Uthal දිස්ත්‍රික්කයේදී කරාචි නුවර දෙසට ධාවනය වූ මගී බස් රථයක් ප්‍රදේශයේ මගීන් ගමන් කරමින් තිබූ තවත් වාහනයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් වාහන දෙකේම රියදුරන් ද එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ කිහිප දෙනෙකුගේම තත්ත්වය බරපතල බවද වැඩිදුරටත් වාර්තා වෙයි.
මාර්ග නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම, අධික වේගය, දුර්වල මාර්ග ආරක්ෂණ ප්රමිතීන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම හේතුවෙන් පාකිස්තානය තුළ මෙවැනි අනතුරු නිතර සිදුවෙන බවද පැවසෙයි.



















































