
මහේල ජයවර්ධනගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මුම්බායි ඉන්දියන්ස් ප්රධාන පුහුණුකරු ධුරයට බ.ඉ. කොදෙව් හිටපු නායක කිරන් පොලාඩ් පත් කිරීමට කණ්ඩායම් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
එළැඹෙන ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම නව පත්කිරීම සිදුකර ඇත.
මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති ගිවිසුම අවසන් කිරීමට පසුගියදා කටයුතු කර තිබුණි.
2010 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වූ පොලාඩ්, 2022 වසර දක්වා IPL තරග බිම තුළ නියෝජනය කළ එකම කණ්ඩායම වූයේ මුම්බායි ඉන්දියන්ස්ය.
එම කාලසීමාව තුළ තරග 189කට සහභාගි වී ඇති ඔහු, ලකුණු 3,412 ක් රැස්කිරීමට සහ කඩුලු 69ක් දවා ගැනීමටද සමත් වී ඇත.
එමෙන්ම මුම්බායි ඉන්දියන්ස් 2013, 2015, 2017, 2019 සහ 2020 යන වසරවලදී IPL ශූරතාව දිනාගත් අවස්ථා පහේදීම පොලාඩ් එම කණ්ඩායමේ ප්රධාන සාමාජිකයෙකු ලෙස ක්රීඩා කළේය.
2022 තරග වාරයෙන් පසුව ක්රීඩකයෙකු ලෙස සමුගත් ඔහු, අනතුරුව මුම්බායි කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළේය.



















































