
බදුල්ල - බණ්ඩාරවෙල ප්රධාන මාර්ගයේ බදුල්ල ශික්ෂණ රෝහල අසල වාහන හතරක් එකිනෙක ගැටී අද (23) සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
එහිදී මෝටර් රථයක්, ත්රිරෝද රථ දෙකක් සහ කැබ් රථයක් එකිනෙක ගැටී ඇති බව සඳහන්ය.
අදාළ අනතුරින් ත්රිරෝද රථයක් තුළ පාඩම් කරමින් සිටි සිසුවියක් සහ තවත් ත්රිරෝද රථයක රියදුරෙකු තුවාල ලබා ඇත.
ත්රී රෝද රථ දෙක සහ කැබ් රථය පෙරවරු 09.15ට පමණ මෙම ස්ථානයේ නතර කර තිබූ අතර බැවුම් සහිත මාර්ගයේ ධාවනය වූ මෝටර් රථය එහි රියදුරාට පාලනය කර ගත නොහැකිවී මාර්ගයෙන් ඉවතට පැන නවතා තිබූ ත්රීරෝද රථ දෙකේ ගැටී එම ත්රීරෝද රථයක් ඉස්සර හට තල්ලුවී කැබ් රථයේ පිටුපස වැදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන ප්රධාන පොලිසියේ රථ වාහන අංශය විමර්ශන සිදුකරයි.


















































