
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු හෘද සැත්කම සාර්ථක බව පවුලේ ආරංචිමාර්ග පවසයි.
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදී ඇතිවූ හදිසි තත්වයක් මත මෙම සැත්කම සිදුකර ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් ඉදිරියේදී තවත් විවෘත හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිත බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


















































