
එක්දින ජාත්යන්තර ක්රිකට් පිටියේ ලකුණු 8,000 සීමාව පසුකළ පළමු එංගලන්ත පිතිකරු බවට පත්වෙමින් ජෝ රූට් අද (22) සුවිශේෂී කඩඉමක් පසුකළේය.
පාකිස්තාන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය යටතේ රාවල්පිණ්ඩිහිදී ශ්රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගයේදී ඔහු මෙම කැපී පෙනෙන සන්ධිස්ථානය පසුකර ගියේය.
අද තරගයේදී ඔහු පන්දු 66කට මුහුණදෙමින් ලකුණු 69ක් රැස්කිරීමට සමත් වූ අතර, ඒ සමග ඔහුගේ එක්දින ලකුණු සංඛ්යාව 8,005ක් විය.
2013 වසරේදී ජාත්යන්තර එක්දින වරම් දිනාගත් ජෝ රූට්, අද ශ්රී ලංකාවට එරෙහිව ක්රීඩා කළේ ඔහුගේ 197 වැනි (ඉනිම් 185) එක්දින තරගයටය.
මේ වනවිට එක්දින ශතක 20ක් සහ අර්ධ ශතක 49ක් තමා සතු කරගෙන සිටින ඔහුගේ පිතිකරණ සාමාන්යය 50.66%ක් වැනි ඉහළ අගයක පවතී.
දීර්ඝ ක්රිකට් ඉතිහාසයක් ඇති එංගලන්තය වෙනුවෙන් මෙතෙක් එක්දින පිටියේ ලකුණු 5,000 සීමාව හෝ පසුකිරීමට සමත්ව ඇත්තේ ජෝ රූට් ඇතුළත්ව පිතිකරුවන් 5 දෙනෙකු පමණි.
විශේෂත්වය වන්නේ රූට් හැරුණු විට අන් කිසිදු එංගලන්ත පිතිකරුවෙකුට ලකුණු 7,000 සීමාවවත් පසුකිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නොතිබීමයි.
එම වාර්තාවේ දෙවැනි ස්ථානයේ පසුවන හිටපු නායක ඔයින් මෝගන් එක්දින පිටියෙන් සමුගන්නා විට ලකුණු 6,957ක් රැස්කර තිබුණි.


















































