
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් නැවතත් ප්රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල 3.1% කින් ඉහළ ගොස් මේ වනවිට අමෙරිකානු ඩොලර් 112.20ක් ලෙස සටහන් වී ඇත.
එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිලද 2.79% කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 99.86ක් දක්වා ඉහළ ගොස් තිබේ.


















































