
අද (22) සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්යතාවක් මතු නොවන බව ජාතික පද්ධති ක්රියාකරු (පෞද්ගලික) සමාගම පවසයි.
එම සමාගම සඳහන් කරන්නේ, ලක්විජය විදුලි බලාගාරයේ අංක 02 ජනන යන්ත්රය අද පස්වරු 1.31 සිට මෙගාවොට් 270ක පූර්ණ ධාරිතාවයෙන් ක්රියාත්මක වීමත් සමඟ විදුලි සැපයුම සාමාන්ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවයි.
සම්ප්රේෂණ පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් පසුගිය 17 වැනි සෙනසුරාදා පෙරවරු 11.43ට තත්පර 32දී දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවිය.
ඒ හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්ර තුනම අක්රිය වූ අතර, විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා දිවයින පුරා දිනකට පැයක විදුලි කප්පාදුවක් ක්රියාත්මක කිරීමට ජාතික පද්ධති ක්රියාකරු සමාගම පියවර ගත්තේය.
ඒ අනුව, දිවයින කලාප හතරකට බෙදා ඔක්තෝබර් 19, 20 සහ 21 යන දිනවල විදුලි කප්පාදුව සිදු කෙරිණි.
කෙසේ වෙතත්, ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්රය පූර්ණ ධාරිතාවයෙන් යළි ක්රියාත්මක කිරීමත් සමඟ අද සිට එම විදුලි ඉල්ලුම කළමනාකරණ ක්රියාමාර්ග තවදුරටත් අවශ්ය නොවන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.


















































