header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අකුසලතා ලකුණු 30ම ගත් රියදුරෙකුට ඉන් පසු වෙන දේ
අකුසලතා ලකුණු 30ම ගත් රියදුරෙකුට ඉන් පසු වෙන දේ
Mobitel 1278

නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය (Demerit Points System) ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව අකුසලතා ලකුණු 30ම ලබාගන්නා රියැදුරන් සම්බන්ධයෙන් අනුගමනය කරන නීතිමය පියවර පිළිබඳ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා 'අද දෙරණ බිග් ෆෝකස්' හා එක්වෙමින් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකළේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, රියැදුරෙකුගේ අකුසලතා ලකුණු 30 ආසන්න වනවිට, කැපී ඇති ලකුණු ගණන සහ ඉතිරිව ඇති ලකුණු ප්‍රමාණය පිළිබඳව කෙටි පණිවුඩයක් (SMS) මාර්ගයෙන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවය. 

කෙසේ වෙතත් යම් රියැදුරෙකු අකුසලතා ලකුණු 30 සීමාව ඉක්මවා ගිය සැණින් ඔහුගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවූ බවට කෙටි පණිවුඩයක් ලැබෙන අතර, එම අවස්ථාවේ සිට දින 7ක් ඇතුළත අදාළ බලපත්‍රය පොලිසිය වෙත භාරදීම අනිවාර්ය වේ.

එලෙස භාරගන්නා බලපත්‍ර පොලිසියේ විශේෂ ආකෘති පත්‍රයක් ද සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරේ.

සාමාන්‍යයෙන් දැනට පවතින සාකච්ඡාවලට අනුව මෙලෙස අකුසලතා ලකුණු පූර්ණය වන රියැදුරෙකුගේ බලපත්‍රය වසරක කාලයකට අත්හිටුවනු ලබයි.

නියමිත දින 7 ඇතුළත බලපත්‍රය භාර නොදී ප්‍රමාද කළහොත්, එම බලපත්‍රය අත්හිටුවන කාලසීමාව බලපත්‍රය භාරදෙන දිනයේ සිට ඉදිරියට ගණනය වන බැවින් තහනම් කාලය තවත් දීර්ඝ වේ.

කෙසේ වෙතත්, මෙලෙස තහනමට ලක්වන රියැදුරෙකු මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අනුමත කරන ලද පුහුණු පාඨමාලාවකට සහභාගි වන්නේ නම්, වසරක තහනම් කාලසීමාව මාස 3 දක්වා අඩු කරගැනීමේ හැකියාව පවතී.

මාර්ග වැරදි 47ක් සඳහා මෙම ලකුණු කැපීමේ ක්‍රමවේදය අදාළ වන අතර, අන්තරාදායක සහ අපරික්ෂාකාරී රිය ධාවනය වැනි බරපතළ වැරදි සඳහා වෙන් කර ඇති උපරිම අකුසලතා ලකුණු සංඛ්‍යාව 7කි. යම් රියැදුරෙකු එකවර වැරදි කිහිපයක් සිදුකළද, ඒ අතරින් උපරිම දඬුවම් හිමිවන වරදට අදාළ ලකුණු ප්‍රමාණය පමණක් කැපීමට කටයුතු කෙරේ.

මීට පෙර නිසි පද්ධතියක් සකස් කර නොතිබීම හේතුවෙන් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක නොවූ අතර, අකුසලතා ලකුණු පද්ධතියට ඇතුළත් කිරීමේ බලය පොලිස් සැරයන්වරයෙකුගෙන් ඉහළ නිලධාරීන්ට පමණක් හිමිවන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

"තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

 ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

 කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

 “රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

“රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

 තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

“වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

Lassana Flora
Spotlight
ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana