
පාකිස්තානයේ පැවැත්වෙන තුනකොන් එක්දින ක්රිකට් තරගාවලියේ එංගලන්තය සමඟ තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව එම කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ප්රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.
අවිශ්ක ප්රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩි, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, එෂාන් මාලිංග, හසිත ප්රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංඛ යන ක්රීඩකයින් ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලබයි.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් බෙන්ටොම්, බෙන්ට් ඩකේට්, ජෝ රූට්, හැරි බෘෘක්, ජෝර්ඩන් කොස්, සෑම් කරන්, විල් ජැක්ස්, ජෙමි ඔවර්ටන්, ගැස් ඇටිකින්සන්, ලයිම් ඩව්සොන් සහ ජොෂ් ටන්ග් යන අය ක්රීඩා කරති.


















































