
තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්ය ප්රකාශ සිදුකිරීමේ චෝදනා මත මෙටා සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් ඩොලර් බිලියන 25ක දඩයක් නියම කර තිබේ.
ෆේස්බුක්, ඉන්ස්ටර්ග්රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්ය අයත් මෙටා සමාගම වෙත අධිකරණයක් විසින් ඉතිහාසයේ පැනවූ ඉහළම දඩ මුදල මෙය බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
නිව් මෙක්සිකෝ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර නියම කර ඇති දඩමුදල එම ප්රාන්තය තුළ මෙටා සමාගමේ එක් කාර්තුවක ලාභයට සමාන වන බව සඳහන් වෙයි.
මෙටා සමාගමේ විධායක නිලධාරීන් විසින් වසර ගණනාවක සිට, තම පරිශීලකයින්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ දත්ත තෙවැනි පාර්ශව වෙත සපයා ඇති බව නිව් මෙක්සිකෝ අධිකරණයේදී හෙළි වී තිබේ.
දත්ත සම්බන්ධයෙන් අසත්ය ප්රකාශ කිරීමට අමතරව තම පරිශීලකයන් නොමග හැරීම යන චෝදනාවට ද මෙටා සමාගම වරදකරු බවට අධිකරණය තීන්දු කර ඇත.


















































