
පසුගිය දා අනතුරට ලක්ව තුවාල ලැබූ කළුතර විද්යාලයේ ඉගෙනුම ලැබූ අධ්යාපන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි රමිතු සෙනෙත් ශිෂ්යයා ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය 20 වැනිදා ඔහු අනතුරට ලක්ව තිබුණේ මාර්ග සංඥා පුවරුව අසල බස් රථය නවතා තිබිය දී මොහු බසයෙන් බිමට පැන ඇති අතර, පිටුපසින් පැමිණි ත්රිරෝද රථයක ගැටීමෙනි.
පසුව ත්රිරෝද රථ රියදුරු හැකි ඉක්මනින් සිසුවා පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් තිබූ අතර, වැඩිදුර ප්රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.
සිසුවාගේ සුසුම්නාවට හානි සිදුවීමෙන් මෙම මරණය සිදුවී ඇති බවට රෝහල් ආරංචි මාර්ග පවසයි.
ත්රීරෝද රථ රියදුරු අද (22) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


















































