
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් කරමින් සිටි සැකකරුවන් හත්දෙනෙකු ගොවිඳුපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (21) උදෑසන කාලයේදී ගොවිඳුපුර පොලිස් වසමට අයත් පල්ලඔය ප්රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලීසියට ලද තොරතුරකට අනුවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 37 ත් 56 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් මොනරාගල, රත්නපුර, උහන සහ බඩල්කුඹුර යන ප්රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගොවිඳුපුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


















































