
'Orionids' උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්රී ලාංකිකයින්ට ද රාත්රී අහසේ නිරීක්ෂණය කිරීමේ අවස්ථාව උදාවන බව මොරටුව ආතර් සී. ක්ලාක් මධ්යස්ථානය පවසයි.
සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී දැකගත හැකි මෙම උල්කාපාත වර්ෂාව ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි බව එම මධ්යස්ථානය සඳහන් කරයි.
මෙම උල්කාපාත වර්ෂාව නිර්මාණය වන්නේ සුප්රකට ‘හැලීගේ ධූමකේතුව’ (Halley’s Comet) සෞරග්රහ මණ්ඩලය හරහා ගමන් කිරීමේදී ඉතිරි කර යන දූවිලි හා කුඩා පාෂාණ අංශු පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී යාමෙනි.
තත්පරයට කිලෝමීටර් 66ක පමණ වේගයකින් වායුගෝලයට ඇතුළු වන මෙම අංශු අහසේ වේගයෙන් ඇදී යන දීප්තිමත් ආලෝක ධාරා ලෙස දිස්වේ.
පැහැදිලි අහසක් පවතින රාත්රියක මධ්යම රාත්රියෙන් පසු, විශේෂයෙන් අලුයම් කාලයට ආසන්නව මෙම උල්කාපාත වර්ෂාව වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකිය.
මේ සඳහා විශේෂ දුරේක්ෂ හෝ වෙනත් උපකරණ අවශ්ය නොවන අතර, පියවි ඇසින්ම අහස නිරීක්ෂණය කිරීමෙන් උල්කාපාත දැකගත හැකි බව ආතර් සී. ක්ලාක් මධ්යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.



















































