header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාදයෙන් පර්යන්ත රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක් - GMOA
වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාදයෙන් පර්යන්ත රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක් - GMOA
Mobitel 1278

වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් හා අක්‍රමිකතා හේතුවෙන් පර්යන්ත රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකවල සේවා බිඳවැටීමේ අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දී ඇත්තේ මෙරට වෛද්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා විධිමත් ස්ථාන මාරු ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය වන බවය.

සෑම වසර හතරකටම වරක් කුසලතාව මත පදනම්ව ක්‍රියාත්මක වන වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය, දුෂ්කර හා පර්යන්ත රෝහල් ඇතුළු රට පුරා වෛද්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණාත්මක බවද ඔවුන් පෙන්වා දී ඇත.

එමෙන්ම පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේදී සේවා අවශ්‍යතා සහ ආයතනික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ස්ථාන මාරු මණ්ඩල හරහා තීරණ ගන්නා බවද ඔවුන් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, ඔවුන් චෝදනා කරනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ අදාළ බලධාරීන්ගේ අකාර්යක්ෂම හා අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ක්‍රියාවලිය මේ වනවිට අර්බුදයකට පත්ව ඇති බවය.

ආයතන සංග්‍රහය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිගත රීති අනුව වෛද්‍ය ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීම සඳහා ස්ථාන මාරු මණ්ඩලවල සහභාගිත්වය පිළිගෙන තිබියදීත්, අධ්‍යක්ෂ - වෛද්‍ය සේවා විසින් වගකීම් විරහිතව හා අත්තනෝමතිකව ක්‍රියා කිරීම හේතුවෙන් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ ස්ථානගත කිරීම් ප්‍රමාද වී ඇති බවද එම සංගමය චෝදනා කර තිබේ.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලියද අවිධිමත් හා අකාර්යක්ෂම තත්ත්වයකට පත්ව ඇති ඇතැයිද මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය ඒකක ඇතුළු පර්යන්ත රෝහල්වල සේවා බිඳ වැටීමේ අවදානමක් මතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

මේ හේතුවෙන් වාර්ෂික ස්ථාන මාරු ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින වෛද්‍යවරුන්ටද සිය ස්ථාන මාරු ක්‍රියාත්මක කරගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව සංගමය පැවසීය.

එම සංගමය සඳහන් කරනුයේ සේවා අවශ්‍යතා සහ ආයතනික අවශ්‍යතා නොසලකා ඇතැම් අවස්ථාවලදී ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සෞඛ්‍ය සේවා සැපයීමද අර්බුදයට ලක්ව ඇති බවය.

මේ හේතුවෙන් අධ්‍යක්ෂ - වෛද්‍ය සේවා මගින් සිදුකරන අකාර්යක්ෂම, අවිධිමත් සහ අත්තනෝමතික ක්‍රියාපටිපාටිය හේතුවෙන් ස්ථාන මාරු ක්‍රියාවලිය අර්බුදයකට ලක්වී රෝගී සත්කාර සේවාවන්ටද බාධා එල්ල වී ඇති බවත් එය නැවත නිවැරදි කිරීමට වහාම කටයුතු කළ යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි | අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්