header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවධානය
ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවධානය
Mobitel 1278

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත කඩිනමින් ක්‍රියාත්මක කරමින් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය විධිමත් ලෙස නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

ඒ ආර්ථික සංවර්ධන සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය දීමේ ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා සම්මත කරන ලද පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

අවිධිමත් ලෙස අධික පොලී අය කරමින් ජනතාව පීඩාවට පත් කරන ණය දෙන ආයතන පාලනය කිරීම මෙන්ම විධිමත් ලෙස ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා සාධාරණ නියාමන පරිසරයක් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දී ඇත.

මෙහිදී ක්ෂුද්‍ර ව්‍යාපාර කටයුතු සිදු කරන ආයතනවලට බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය පනතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් පවතින නීතිමය හා හා ප්‍රායෝගික ගැටලු, තැන්පතු ලබා ගැනීමේ සීමා සහ අරමුදල් පිරිවැය පිළිබඳ සාකච්ඡා වී ඇති අතර දැනට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කිරීම, නියාමනයකට යටත්ව සීමිත මහජන තැන්පතු ලබා ගැනීමට අවස්ථාව සැලසීම සහ අඩු පිරිවැය අරමුදල් වෙත ප්‍රවේශය ලබා දීම සම්බන්ධයෙන්ද යෝජනා ඉදිරිපත් කෙරිණි.

එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවලින් ලැබෙන සහනදායි අරමුදල් නියාමනය වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙත ලබා දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම තුළින් පොලී අනුපාත පහළ දැමීමට හැකි ආකාරය පිළිබඳවද අවධානය යොමු විය.

පනතේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධව වගන්ති ක්‍රියාත්මක කිරීම, නියාමන අධිකාරිය පිහිටුවීමට ගතවන කාලය සහ ආයතනවලට බලපත්‍ර ලබා ගැනීම සඳහා ලබා දී ඇති කාලසීමාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ අතර ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය සඳහා ග්‍රිඩ් 68ක කැණීම් අයිතිය ලබාදීම සහ මෙහෙයුම් සහාය ලබාදීම සම්බන්ධ කරුණු පිළිබඳවද කාරක සභාවේ අවධානය මෙහිදී යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ නිකුත් කිරීම කාරක සභාව තීරණය කර ඇත.

මෙහිදී නැගෙනහිර වෙරළ තීරයේ පවතින ඛනිජ වැලි තැන්පතු භාවිත කරමින් අගය එකතු කළ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය දීර්ඝකාලීනව සහ අඛණ්ඩව සපයා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා වී ඇති අතර ඛනිජ වැලි අමුද්‍රව්‍ය ලෙස පමණක් අපනයනය කිරීම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කර අපනයන කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව දේශීය හා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගනිමින් අගය එකතු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

තවද අතීතයේ නිකුත් කර ඇති ඛනිජ කැණීම් බලපත්‍ර සමාලෝචනය කිරීම, අක්‍රමවත් ලෙස පවතින බලපත්‍ර සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සහ අදාළ ඛනිජ තැන්පතු ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය වෙත පැවරීම පිළිබඳවද මෙහිදි සාකච්ඡා විය.

පසුගිය කාලයේ සිදුව ඇති බවට හඳුනාගෙන ඇති ඇතැම් අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද මෙහිදී සඳහන් වී ඇති අතර ඉදිරියේදී ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී විනිවිදභාවය සහ ආයතන අතර සම්බන්ධීකරණය තහවුරු කිරීම සඳහා වූ බහු ආයතනික කමිටු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අවධායය යොමුව ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි | අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්