
හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට හෙට (20) පෙරවරු 9.00ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ඒ, ඔහු විදේශ අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ පැවැත්වූ රැස්වීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව බව සඳහන් වේ.
අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස ඔහු කැඳවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.



















































