
ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිපළ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (17) දින එම ප්රතිඵල නිකුත් කළ බවය.
ඒ අනුව එම ප්රතිඵල ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙබ් අඩවියෙන් හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකිය.
එමෙන්ම විභාගයේ ප්රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් වේ නම් ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභා සංවිධාන හා ප්රතිඵල ශාඛාවේ 0112784208, 0112784537 හෝ 0112785922 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



















































