
මිහින්තලා මිහිඳු මහා සෑය වහන්සේ උදෙසා තායිලන්තයෙන් පරිත්යාගයක් ලෙස ලැබුණු, චූඩා මාණික්යය සහ කොත් කැරැල්ල සඳහා නියමිත පරිදි පොලිස් ආරක්ෂාව ලබාදී නොමැති බව මිහින්තලේ විහාරාධිපති පූජ්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව ප්රකාශ කළේ, අද (16) කැඳවා තිබූ මාධ්ය හමුවකට එක්වෙමිනි.
ආරක්ෂාව නොමැතිවීම හේතුවෙන් තමන් වහන්සේට චූඩා මාණික්යය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට පවා සිදු වූ බව විහාරාධිපති හිමියන් අවධාරණය කළේය.
පූජ්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ සිදුකරන මෙම පූජනීය කටයුත්ත සඳහා ආරක්ෂාව ඉල්ලා සිටියද, අදාළ නිලධාරීන්ගෙන් යහපත් ප්රතිචාරයක් නොලැබුණු බවය.



















































