header logo
Vallibel FD
Valible Le
වෙනත් පුවත්
පාර්ලිමේන්තු නි. මහලේකම්ගේ සේවය අත්විටුවීමට එරෙහි පෙත්සමේ කරුණු සලකා බැලේ
පාර්ලිමේන්තු නි. මහලේකම්ගේ සේවය අත්විටුවීමට එරෙහි පෙත්සමේ කරුණු සලකා බැලේ
Mobitel 1278

කථානායකවරයාගේ මැදිහත්වීම මත පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බවත්, ඒ සම්බන්ධයෙන් මැදිහත් වී පරීක්ෂා කිරීමට අධිකරණයට බලය පවතින බවත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

කිසිදු සාධාරණ නීතිමය පදනමකින් තොරව සිය වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් චමින්ද කුලරත්න මහතා විසින් ගොනුකර ඇති රිට් පෙත්සම ඊයේ (15) සලකා බැලූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගේෂ්වරන් මහතා මූලික විරෝධතා ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත් වන බැවින් එහි තීරණ අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත්, ඒ අනුව එවැනි තීරණයකට එරෙහිව අභියාචනාධිකරණයේ රිට් බලය ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඔහු තර්ක කළේය.

අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු වගඋත්තරකරුවන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන නයිජල් හැච් සහ උපුල් කුමරප්පෙරම යන මහත්වරු ද එම මූලික විරෝධතාවලට සහාය පළ කළහ.

ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ මෙරට නීතියේ උත්තරීතරත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හිමි වන බවය.

පාර්ලිමේන්තු වරප්‍රසාදවල අරමුණ ව්‍යවස්ථාදායකයේ නීත්‍යනුකූල කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාමට ආරක්ෂාව සැලසීම බවත්, පාර්ලිමේන්තු පරිපාලනය විසින් ගනු ලබන සෑම තීරණයකටම එම වරප්‍රසාද යටතේ මුක්තියක් හිමි නොවන බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පත්වීම් සහ විනය පාලනය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ව්‍යවස්ථාදායකයේ කටයුතුවලට සමාන කරමින් අධිකරණ අධීක්ෂණයෙන් බැහැර කළ නොහැකි බව ද ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මහලේකම්වරයා පාර්ලිමේන්තු පරිපාලනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන අතර, කාර්ය මණ්ඩලයේ විනය පාලනයට අදාළ බලතල ඔහු සතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

පෙත්සම්කරුගේ වැඩ තහනම් කිරීම සහ චෝදනා පත්‍ර නිකුත් කිරීම කථානායකවරයාගේ උපදෙස් මත සිදුකර ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයෙන් පැහැදිලි වන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, ඒ අනුව අදාළ තීරණයේ නීත්‍යනුකූලභාවය පරීක්ෂා කිරීමට අධිකරණයට බලය ඇති බව ද ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය වැඩිදුර කරුණු දැක්වීම නොවැම්බර් 2 වනදා දක්වා කල් තැබීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

 ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

 සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

 මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

 මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

 අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

 "ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

"ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

 ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

 "පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

"පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

 2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

 පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...