header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ යෝජිත පනත් කෙටුම්පත ගැන TISL කනස්සල්ලෙන්
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ යෝජිත පනත් කෙටුම්පත ගැන TISL කනස්සල්ලෙන්
Mobitel 1278

ගැසට් කරන ලද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතවෙනුවට හඳුන්වා දීමට යෝජිත “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” සම්බන්ධයෙන්  Transparency International Sri Lanka ආයතනය සිය කනස්සල්ල පළ කර තිබේ.

මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන් විසින් මේ වනවිටත් සිය කනස්සල්ල පළ කර ඇති මෙම පනත් කෙටුම්පතෙහි ත්‍රස්තවාදය පිළිබඳ පුළුල් අර්ථ දැක්වීම්, විධායකයේ බලතල පුළුල් කිරීම, පරිපාලනමය රඳවා තබා ගැනීම් සහ මූලික නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බව TISL ආයතනය පෙන්වා දේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හඳුන්වා දීමට යෝජිත “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” ඉල්ලා අස්කර ගන්නා ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය රජයෙන් ඉල්ලා සිටී.

ත්‍රස්තවාදය පිළිබඳ පුළුල් අර්ථ දැක්වීම්, විධායකයේ බලතල පුළුල් කිරීම, පරිපාලනමය රඳවා තබා ගැනීම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වීමේ අවදානම මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතු වී ඇති ප්‍රධාන ගැටලු බව TISL ආයතනය සඳහන් කරයි.

පනත් කෙටුම්පත මඟින් දේපළ, පරිසරය සහ ඉලෙක්ට්‍රොනික පද්ධතිවලට හානි කිරීම ඇතුළු පුළුල් පරාසයක ක්‍රියා ත්‍රස්තවාදී වැරදි ලෙස අර්ථකථනය කිරීමේ අවදානමක් පවතින බවත්, එමඟින් නීත්‍යනුකූල අදහස් ප්‍රකාශ කිරීම, සංවිධානය වීම සහ සිවිල් සමාජ ක්‍රියාකාරකම් සීමා විය හැකි බවත් එම ආයතනය පෙන්වා දෙයි.

එමෙන්ම, සන්නද්ධ හමුදාවන්ට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අත්අඩංගුවට ගැනීම්, සෝදිසි කිරීම්, දේපළ අත්පත් කර ගැනීම් සහ ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් පුළුල් බලතල ලබාදීම හේතුවෙන් වගවීම සහ පුද්ගල නිදහස ආරක්ෂා කිරීම පිළිබඳ ගැටලු මතුවිය හැකි බවද TISL ආයතනය සඳහන් කරයි.

යෝජිත නීතිය යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට මුල් මාස දෙකක කාලයක් සඳහා රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමට බලය ලබාදීම සහ එවැනි රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් අධිකරණයට ඇති අධීක්ෂණ හැකියාව සීමා වීම ද එම ආයතනයේ විවේචනයට ලක්ව තිබේ.

තවද, සංවිධාන තහනම් කිරීමට ජනාධිපතිවරයාට බලය ලබාදීම සහ එවැනි තීරණ පාලනය කරන ආරක්ෂණ විධිවිධාන සීමිත වීම හේතුවෙන් සංවිධානය වීමේ නිදහසට හා සිවිල් සමාජ ක්‍රියාකාරකම්වලට බලපෑම් ඇති විය හැකි බව TISL ආයතනය අවධාරණය කරයි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාව පිළිගන්නා නමුත්, ඒ සඳහා හඳුන්වා දෙන නීති මඟින් මූලික අයිතිවාසිකම්, නිසි නීතිමය ක්‍රියාපටිපාටිය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු බවද එම ආයතනය පවසයි.

ඒ අනුව, යෝජිත පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් ප්‍රමාදයකින් තොරව අහෝසි කරන ලෙසත් TISL ආයතනය රජයෙන් ඉල්ලා සිටී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

 අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

 "ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

"ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

 ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

 "පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

"පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

 2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

 පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

 ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

 චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

 ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

 අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට