header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
අමෙරිකාවේ හින්දු දේවස්ථානයක් ඉලක්ක කළ ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ වෙයි
අමෙරිකාවේ හින්දු දේවස්ථානයක් ඉලක්ක කළ ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ වෙයි
Mobitel 1278

අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ, චිකාගෝ නගරයේ ඕරෝරා ප්‍රදේශයේ පිහිටි හින්දු දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමේ ප්‍රහාරයක් සැලසුම් කළ 19 හැවිරිදි තරුණයෙක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පැලටීන් ප්‍රදේශයේ පදිංචි ඇලෙක්සැන්ඩ්‍රොස් පැපොරාකිස් නමැති එම පුද්ගලයා ආපනශාලාවක සේවය කරන අයෙක් බව සඳහන් වේ.

පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ සුදු ජාතිකවාදී අන්තවාදී අදහස් ප්‍රකාශ කරන සහ ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයන්ට එරෙහිව හිංසා පීඩා කිරීමට අනුබල දෙන ප්‍රකාශ ඇතුළත් ප්‍රකාශන මෙන්ම ගිනි අවි සහ යුධෝපකරණ රැසක් සැකකරු සතුව තිබී සොයා ගෙන ඇති බවය.

සැකකරු විසින් සිදු කිරීමට ගිය ප්‍රහාරය පිළිබඳව වෙනත් පුද්ගලයෙකු විසින් පොලීසියට තොරතුරු ලබා දී තිබේ.

ඔක්තෝබර් 11 වන ඉරිදා දින ඕරෝරා ප්‍රදේශයේ හින්දු දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් මොහු ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

ප්‍රහාරය එල්ල කිරීමට ගිය අවස්ථාවේදී ඔහුගේ රයිෆල් තුවක්කුව ක්‍රියා විරහිත වීම නිසා එම මහා පරිමාණ සංහාරය වැළැක්වී ගොස් ඇති බව බලධාරීහු සඳහන් කරති.

සිද්ධියෙන් පසු නිවසින් පිටව යමින් සිටියදී පැලටීන් සහ මවුන්ට් ප්‍රොස්පෙක්ට් පොලිස් දෙපාර්තමේන්තු ඒකාබද්ධව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ නිවසේ සිදු කළ සෝදිසියකදී රයිෆල් තුවක්කුවක්, පතොරම් පිරවූ මැගසින් රැසක්, උණ්ඩ තොගයක්, යුධමය ඇඳුම් සහ සුදු ජාතිකවාදී අන්තවාදයට සම්බන්ධ ලාංඡන සහිත සන්නාහ කබායක් (Body armour) ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

 අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

 "ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

"ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

 ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

 "පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

"පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

 2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

 පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

 ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

 චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

 ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

 අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට