
ඓතිහාසික කැලණි රජමහා විහාරයේ ලබන වසරේ පැවැත්වෙන දුරුතු මහ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන විදෙස් සංචාරකයන් වෙනුවෙන් සකස් කෙරෙන සංචාරක ගැලරිය පසුගියදා එම විහාරස්ථානයේ දී නිල වශයෙන් එළිදැක්විණි.
මෙම සංචාරක ගැලරියේදී (Tourist Enclosure) විදෙස් අමුත්තන්ට බාධාවකින් තොරව පෙරහැර ඉදිරිපසින්ම නැරඹිය හැකි වෙන්කළ ආසනයක් හිමි වේ.
ඡායාරූප සහ වීඩියෝ ගැනීමට හැකිවන ලෙස මෙම ආසන මනා ලෙස සකසා තිබේ.
ජර්මනිය, එක්සත් රාජධානිය, ප්රංශය සහ ඉන්දියාව ඇතුළු රටවලින් සංචාරකයන් 400 දෙනකු පමණ එළැඹෙන පෙරහැර නැරඹීමට එක්වනු ඇතැයි පේක්ෂා කෙරේ.
දේශීය අමුත්තන්ට ද ආසන වෙන් කර ගත හැකි අතර, ආසන වෙන් කිරීම් www.kelaniya perahara.com නිල වෙබ් අඩවිය ඔස්සේ සිදු කළ හැකිය.
සංචාරක නියෝජිත ආයතන, සංචාරක මෙහෙයුම්කරුවන් සහ හෝටල්වලට සමූහ වෙන්කිරීම සඳහා සංවිධායක කමිටුව සෘජුවම සම්බන්ධ කරගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
100වැනි වරට පැවැත්වෙන එළැඹෙන මහ පෙරහැර 2027 ජනවාරි 21 වැනි බ්රහස්පතින්දා රාත්රී 7.30ට විථි සංචාරය කිරීමට කටයුතු සඳසා ඇත.
කැලණි රජ මහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්යාය, සම්මානිත මහාචාර්ය අතිපූජ්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන්ද්රයන් වහන්සේගේ අනුශාසනා සහ ආශිර්වාදය මත, මහාචාය පූජ්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ පෙරහැර කටයුතු සංවිධානය කෙරේ.



















































