
අතීතයේ ණය ගෙවීමේදී අපහසුතාවලට මුහුණ දුන් නමුත් පසුව එම ණය සම්පූර්ණයෙන් පියවා අවසන් කළ පුද්ගලයන්ට යළි බැංකු ණය ලබාගැනීමේ අවස්ථා පුළුල් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
එම ලිපියෙන් ඔහු පෙන්වා දෙන්නේ, ව්යාපාර පවත්වාගෙන යන පුද්ගලයන්ට මෙන්ම නව ව්යවසායකයන්ට ද තම ව්යාපාර පුළුල් කිරීමට හෝ නව ව්යාපාර ආරම්භ කිරීමට බැංකු ණය අත්යවශ්ය වන බවයි.
එහෙත්, ණය අයදුම් කිරීමේදී ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) වාර්තා පරීක්ෂා කිරීම හේතුවෙන්, අතීතයේ ණය ගෙවීමේ අපහසුතාවලට මුහුණ දී පසුව ණය සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ පුද්ගලයන්ට ද නැවත ණය ලබාගැනීමේදී බාධා ඇති වන බව ඔහු පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ජනපතිට යොමුකළ ලිපිය පහතින්,





















































