
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ප්රමුඛ ආගමික නායකයින් පිටතට රැගෙන යාමේදී ඇඳ සිටි යුතු ඇඳුම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධිවිධාන සියල්ලක්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්ය නියෝගවල දැනටමත් පැහැදිලිවම සඳහන් බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්ය නියෝගවල මේ කරුණ සම්බන්ධයෙන් පැහැදිලිවම සෘජු මඟ පෙන්වීමක් කර තිබියදී ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුව පත් කිරීම හිතාමතාම ප්රශ්නය යට ගැසීමට සහ තව තවත් ඇදගෙන යාමට ගත් වංක ප්රයත්නයක් බවද එක්සත් ජාතික පක්ෂ පවසයි.
රජයේ මේ අවස්ථාවදී පියවර එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලෙන් හෙළා දකින බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.
එසේම රජය දැන් කළ යුතුව ඇත්තේ ගලගොඩඅත්තේ ඥාණසාර ස්ථවීරයන්ගේ සිවුර ගලවා ඉවත් කිරීම පිළිබඳව සියම් මහා නිකායේ කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රි ධර්ම මහා සංඝසභාවේ මහනායක හිමියන් සහ සංඝසභාව හමුවට ගොස් සමාව අයැද සිටීම බවද එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
එම නිවේදනය පහතින්,



















































