header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මැතිවරණ නීති සංශෝධනයට අදාළ විද්වත් කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට
මැතිවරණ නීති සංශෝධනයට අදාළ විද්වත් කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට
Mobitel 1278

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළව මහජනතාව සහ විවිධ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා පිළිබඳ විද්වත් කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත භාර දී තිබේ.

ඒ, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඊට අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා එම විශේෂ කාරක සභාව විසින් පත් කරන ලද විද්වත් කමිටුව අදාළ වාර්තාව කාරක සභාවේ සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා වෙත භාර දී ඇත.

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 31ක් මෙන්ම මීට පෙර මැතිවරණ සම්බන්ධයෙන් පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවල වාර්තා ද ගැඹුරින් සමාලෝචනය කර අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මෙම විද්වත් කමිටුව පත් කර තිබේ.

එම විද්වත් කමිටුවේ සාමාජිකයන් ලෙස වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස්, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චමින්ද අබේසිංහ, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය කේ. තවලිංගම් සහ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂ කාරක සභාවේ සභාපති අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා සඳහන් කළේ, යෝජනා ඉදිරිපත් කළ ආයතන හා සංවිධාන විසින් මතු කරන ලද විවිධ කරුණු සහ තේමා සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා සකස් කර කාරක සභාව වෙත භාර දී ඇති බවයි.

මේ වනවිට ලියාපදිංචි දේශපාලන පක්ෂ කිහිපයක් ද මැතිවරණ නීති සමාලෝචනය සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, මහජනතාව, විවිධ ආයතන හා සංවිධාන සහ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව මාස දෙකක් ඇතුළත අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාව අපේක්ෂා කරන බව ද සභාපතිවරයා පැවසීය.

එම අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ද රටේ පුරවැසියන්ට සහ මහජනතාවට සිය සංශෝධන හා නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කිරීම පිළිබඳ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ලියාපදිංචි දේශපාලන පක්ෂ වෙත ලබා දී තිබූ කාලසීමාව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට ද විශේෂ කාරක සභාව තීරණය කර තිබේ.

එමෙන්ම, මහජන අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද විද්වත් කමිටුවේ සාමාජිකයන්ට අවශ්‍ය නම් සිය පෞද්ගලික යෝජනා ද ඉදිරිපත් කළ හැකි බව කාරක සභාව අවධාරණය කර ඇත.

මෙම විශේෂ කාරක සභා රැස්වීමෙන් අනතුරුව එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් ද පවත්වා තිබේ.

මෙම කාරක සභා රැස්වීමට එහි සාමාජිකයන් වන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සුනිල් වටගල සහ මුනීර් මුලාෆර් යන මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

කෙසේ වෙතත්, මෙම නීති සමාලෝචනයට පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති ඇතුළත් නොවන බව ද සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

 "පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

"පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

 "බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

"බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

 පාක්ෂිකයින් බලා සිටියදී නාමල්ව යළි බන්ධනාගාරයට රැගෙන ගිය හැටි...

පාක්ෂිකයින් බලා සිටියදී නාමල්ව යළි බන්ධනාගාරයට රැගෙන ගිය හැටි...

උසාවියේ දී එකට හමුවූ රාජපක්ෂ අයියා මලෝ | Ada Derana

උසාවියේ දී එකට හමුවූ රාජපක්ෂ අයියා මලෝ | Ada Derana

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

ගෙදරට එන්නෙත් නෑ ලිඛිතව දෙන්නෙත් නෑ - ලයිට් නොකපා සල්ලි ගරලා - ලෙකෝට චෝදනා

ගෙදරට එන්නෙත් නෑ ලිඛිතව දෙන්නෙත් නෑ - ලයිට් නොකපා සල්ලි ගරලා - ලෙකෝට චෝදනා

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

යෝෂිත, කරන්නාගොඩ, බෝගොල්ලාගමට එරෙහි නඩු 28 - 29 කැඳවයි

යෝෂිත, කරන්නාගොඩ, බෝගොල්ලාගමට එරෙහි නඩු 28 - 29 කැඳවයි

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

"විශ්වාසය තබන්න - ආයෝජකයිනි මෙහි එන්න"ජනපති ඉල්ලයි

"විශ්වාසය තබන්න - ආයෝජකයිනි මෙහි එන්න"ජනපති ඉල්ලයි

පෝට්සිටියේ මැරකම් කළ චීන පාතාලයේ ප්‍රබලයෙක් දැලේ

පෝට්සිටියේ මැරකම් කළ චීන පාතාලයේ ප්‍රබලයෙක් දැලේ

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana