
පාකිස්තානයේ PTI පක්ෂය මගින් පාලනය වන ඛයිබර් පක්තුන්ක්වා ප්රාන්තයට මධ්යම රජය විසින් හදිසි නීතිය පැනවීමට එරෙහිව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පුත් කාසිම් ඛාන් සිය ප්රබල විරෝධය පළ කර තිබේ.
ඔහු පවසා ඇත්තේ පාකිස්තානය අයිති වන්නේ එරට ජනතාවට මිස හමුදාවට නොවන බවය.
මෙම අර්බුදය සම්බන්ධයෙන් X සටහනක් තබමින් කාසිම් ඛාන් සඳහන් කර ඇත්තේ, මධ්යම රජයේ මෙම ක්රියාමාර්ගය හමුදාපති අසිම් මුනීර්ගේ අසාර්ථක පාලන රටාව පෙන්නුම් කරන තවත් එක් පියවරක් බවය.
පනවා ඇති එම හදිසි නීති රෙගුලාසි වහාම අහෝසි කරන ලෙස ඉල්ලා සිටින කාසිම්, ඛයිබර් පක්තුන්ක්වා හි ප්රජාතන්ත්රවාදී ජනවරම නැවත පිහිටුවන ලෙසත්, අත්අඩංගුවේ පසුවන දේශපාලන නායකයන් වහා නිදහස් කරන ලෙසත් පවසා තිබේ.



















































