
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
පාකිස්තානයේ රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (13) පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර පැවති පළමු විස්සයි20 තරග දෙකම ජයගත් පාකිස්තාන කණ්ඩායම මේ වන විටත් තරගාවලියේ ජය තහවුරු කරගෙන සිටී.



















































