
කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ගෙන් කප්පම් ලබාගත් බවට සැකකටයුතු ලෙස අත්අඩංගුවට ගත් චීන ජාතිකයා මෙම මස 27වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (13) සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සැකකරු චීනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ බව පොලීසිය පවසයි.



















































