
2026 ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ හෙට (14) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව, අස්වැසුම පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 985,283කට රුපියල් බිලියන 9.12ක මුදලක් ලබාදීමට නියමිතය.
එමෙන්ම, දෙවන අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 212,445කට රුපියල් බිලියන 2.04ක මුදලක් බැර කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව, අදියර දෙක යටතේ ප්‍රතිලාභී පවුල් 1,197,728කට ලබාදීමට නියමිත මුළු මුදල රුපියල් බිලියන 11.16කි.
අදාළ ප්‍රතිලාභීන්ට හෙට (14) සිට සිය අස්වැසුම බැංකු ගිණුම් හරහා එම මුදල් ලබාගත හැකි බව දැනුම් දී තිබේ.



















































