
ඝාතනයට ලක් වූ විදානගමගේ අරුණ ප්‍රියන්ත හෙවත් 'මිද්දෙණියේ කජ්ජාගේ' වැඩිමහල් පුත්‍රයා විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සමග තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඔහුගේ මිතුරෙකුගේ වීරකැටිය යක්ගහමුල්ල ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී අදාල ගිනිඅවිය සොයාගෙන ඇති බව සඳහන් වෙයි.
විදෙස් රටක නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් වර්ගයේ බෝර 12 ගිනිඅවියක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු අද (13) වීරකැටිය පොලීසිය විසින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට දැඩි අවවාද සිදුකර ඇප මත මුදාහැර ඇති බව පොලීසිය 'අද දෙරණ'ට සඳහන් කළේය.



















































