
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව යාල ජාතික උද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් සඳහා කලාප අංක 1 සහ 2 ලබන 16 වන දින සිට විවෘත කිරීමට නියමිතය.
පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වන සතුන්ගේ ආරක්ෂාව සහ මාර්ග පද්ධතියේ පවතින අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා සැප්තැම්බර් මස 14 වන දින සිට යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 වසා දැමීමට පියවර ගෙන තිබුණි.
සංචාරකයින් සඳහා යළි උද්‍යානය විවෘත කිරීමත් සමග සංචාරක නිවාස හා කඳවුරු බිම් වෙන්කිරීම සඳහා නොවැම්බර් මස 1 වැනි දින සිට අවස්ථාව ලබාදීමට ද නියමිතය.




















































