
කොකේන් මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතික සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (12) සවස කොල්ලුපිටියේ හෝටලයක් තුළ හා සුපිරි වෙළෙඳසැල් සංකීර්ණයක් තුළ දී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙහෙයුමක් දියත් කර තිබුණි.
එහිදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 49ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 23 හා 48 වයස්වල හා සැකකාරියන් අවුරුදු 43 හා 52 වයස්වල පසුවන ජැමෙයිකානු ජාතිකයින් වේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



















































