
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් මුල් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර ඇති අතර එයට මන්ත්‍රීවරු 44දෙනෙකු අත්සන් තබා ඇත.
පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි හැසිරවීමේදී කථානායකවරයා අනුගමනය කළ පක්ෂපාතී සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාකලාපයන් හේතුවෙන් ඔහු එම ධුරයට නුසුදුසු බවට චෝදනා එල්ලකරමින් විපක්ෂය විසින් මෙම විශ්වාසභංගය ගෙනඑනු ලැබේ.
එම අවස්ථාවට විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක අජිත් පී. පෙරේරා, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රවී කරුණානායක, දිලිප් වෙදආරච්චි, චමින්ද විජේසිරි සහ වරුණ ලියනගේ යන මන්ත්‍රීවරුන් සහභාගී වී තිබේ.






















































