
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.
ඔහුව රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කළාය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් රුපියල් මිලියන 10 ක් සිරිලිය සවිය සංවිධානයේ බැංකු ගිණුමට බැර කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබලදීම, සාපරාධි සාවද්‍ය පරිහරණය යන චෝදනා සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අද (07) දහවල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.






















































