
පාකිස්තානයේ දැරියන් පැහැර ගැනීම්, බලහත්කාරයෙන් ආගම් මාරුකිරීම් සහ ළමා විවාහවලින් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරුවන් පිරිසක් පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
පවතින නීති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම්, එම නීතිවලින් කිසිදු ඵලක් නොවන බවටද ඔවුන් පෙන්වාදී ඇත.
ජිනීවා හි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සමගාමීව සංවිධානය කළ විශේෂ හමුවකදී මේ බව පෙන්වාදී තිබේ.
මෙහිදී වින්දිත පවුල්වල සාක්ෂි ඉදිරිපත් කර තිබීමද විශේෂිතය.
ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව, බලහත්කාරයෙන් ආගම් මාරුකිරීම් සහ ළමා විවාහවලින් ළමයින් ආරක්ෂා කිරීමට පාකිස්තානය බැඳී සිටින බවද මෙහිදී පෙන්වාදී තිබේ.





















































