
අද (07) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙනි.
2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිත අතර, එදින විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකෙරේ.
සජීවී විකාශය පහතින් නරඹන්න..






















































