පවතින අර්බුධකාරී තත්ත්වය විසඳමින් අඛණ්ඩව ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබාදීමට අණ්ඩුව පියවර ගතයුතු බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
එහි උප සභාපති කුසුම් සන්දනායක මහතා පැවසුවේ ඉන්ධන පිරවුම්හල් සඳහා නිසි පරිදි ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවය.
"අද වන විටත් දිවයින පුරාම අපේ විදේශීය සමාගම් සතු ඉන්ධන හල්වල ඉන්ධන හරි ප්‍රමාණයට ලැබෙන්නේ නැති බව තමයි අපිට සියලුම අපේ සාමාජිකයෝ දන්නලා තියෙන්නේ. ඉතින් අපි බලනවා මේක ඉතා ඉක්මණින් විසඳෙයි කියන බලාපොරොත්තුව මත තමයි අපි සියලු දෙනාම මේ වෙලාවේදී ඉවසලා මේ ගැන කල්පනා කරන්නේ."
මොකද යම්කිසි පිරවුම්හලකට අවශ්‍ය තෙල් ප්‍රමාණය ලැබුණේ නැත්නම් ඔවුන්ගේ ආදායම තෙල් විකිණීම පමණයි. තෙල් විකිණීම නැති වෙච්ච ගමන් මේ පිරවුම්හල පවත්වාගෙන යාමේදී විශාල ගැටලු මතුවෙනවා. විදුලි බිල, ඒ වගේම සේවකයින්ගේ පඩි නඩි, ඒ වගේම අනෙකුත් සියලුම ගෙවීම් කරන්න තියෙනවා. ඒ වගේම බැංකුවලින් ණය ගත්ත බැංකු ගෙවන්න තියෙනවා. මේ ඔක්කොම මේ වන විට ඉතාම දුෂ්කර තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා බලාපොරොත්තුවෙන් ඉන්නවා ඇමතිතුමා මේ සම්බන්ධව කටයුතු කරලා, මේ විදේශීය සමාගම් සමග සහයෝගයෙන් කතා කරලා, මේ ප්‍රශ්නය විසඳලා දෙයි කියලා."
"එතෙක් අපි මේ ලැබෙන තෙල් ප්‍රමාණය ඉතා ඉක්මණින් පාරිභෝගිකයින් අතරට පත් කිරීමට සැදී පැහැදී සිටිනවා. අද දිනයේදීත් මං හිතන විදියට විශාල සංඛ්‍යාවක් පිරවුම්හල් වසා දමා තිබෙන්නේ. නමුත් ඒ හැම තෙල් ලැබිච්ච පිරවුම්හල්වල අය ඒවා විකිණීම ආරම්භ කරලා තියෙනවා. මං හිතන්නේ අද දිනයේදී තෙල් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා. එතකොට ඒ අයට පුළුවන් වෙනවා ආපහු ඒ පළාතේ තෙල් විකුණන්න. ඒ වගේ තමයි මේ දැනට මේ දුෂ්කර අවස්ථාවේදී කටයුතු කරගෙන යන්නේ.
ඉතින් මං හිතනවා මේක රජය ඉතාම හොඳින් තේරුම් අරගෙන ඉන්නේ. ඔවුන්ටත් විශාල ගැටලු තියෙනවා මේ එක පාරට දීලා, ඒ වගේ විශාල මුදලක් අපේ භාණ්ඩාගාරය හරහා ගෙවීමට නොහැකි බවක් තමයි ඔවුන් කියන්නේ. මං හිතන්නේ කෙසේ වුණත් මේ ගෙවන්න හැකි වුණත්, බැරි වුණත් මේක රජය ඒ විදේශීය සමාගම් සමග සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය ඉක්මණින්ම විසඳන්න ඕනේ"