header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක්
IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක්
Mobitel 1278

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.

මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකමක් ලබාගැනීමට හැකි වනු ඇත.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලබාදී ඇති සමස්ත මූල්‍ය සහාය අමෙරිකානු ඩොලර් බිලියන 2.7කට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යනු ඇත.

කෙසේ වෙතත්, මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවසන් අනුමැතියට යටත් වන අතර, 2027 අයවැය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම එම අනුමැතියට පෙර අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ මහතා පෙන්වා දෙන්නේ, අඛණ්ඩව ඇතිවූ ආර්ථික කම්පන මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවය.

2026 වසරේ දෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එය අඛණ්ඩව වර්ධනය වාර්තා කළ 11 වැනි කාර්තුව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබේ.

2026 සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය සියයට 8ක් ලෙස තනි ඉලක්කම් මට්ටමේ පැවති අතර, අගෝස්තු අවසානය වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් බැංකු පද්ධතිය ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සහිතව ලාභදායී තත්ත්වයක පවතින බවත්, 2026 පළමු අර්ධයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිඵල ශක්තිමත් බව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුද බොහෝ දුරට අවසන් කර ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

එහෙත්, මැද පෙරදිග යුද්ධයේ කාලසීමාව සහ තීව්‍රතාව පිළිබඳ අවිනිශ්චිතතාව, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සහ එල්නිනෝ තත්ත්වයේ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට තවදුරටත් අවදානම් පවතින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබේ.

මැද පෙරදිග යුද්ධය දිගුකාලීනව පවතින්නේ නම්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම්වලට අනුකූලව දේශීය ඉන්ධන මිලද ගැලපීමට ඉඩ දිය යුතු බව ඔවුන් සඳහන් කර ඇත.

එමෙන්ම, බලශක්ති මිලකරණයේ පිරිවැය ආවරණය වන ක්‍රමවේදය පවත්වාගෙන යා යුතු අතර, අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්වූ ජනතාව ඉලක්කගත මුදල් සහන මඟින් ආරක්ෂා කළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සම්බන්ධව අවධාරණය කර තිබේ.

උද්ධමනයට දෙවන වටයේ බලපෑම් තවදුරටත් දැඩි වුවහොත්, අවශ්‍ය අවස්ථාවක මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට සූදානමින් සිටිය යුතු බවද ඔවුන් මෙරටට දැනුම්දී ඇත.

තවද, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා මධ්‍ය කාලීන ආදායම් උපායමාර්ගයක් සකස් කිරීම, බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ සාධාරණ කිරීම, රාජ්‍ය ආයෝජන කළමනාකරණය ශක්තිමත් කිරීම, විනිමය අනුපාතයට වැඩි නම්‍යශීලීභාවයක් ලබාදීම සහ දූෂණ විරෝධී නීතිමය රාමුවේ විශ්වසනීයභාවය රැකගැනීම අවශ්‍ය බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.

ශක්තිමත් සහ සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා ව්‍යාපාර සහ කම්කරු නීති නවීකරණය, මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීම, ඩිජිටල් රාජ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් හිඟයන් පියවීමද වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.

මෙරට සැප්තැම්බර් 10 සිට 23 දක්වා පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දූත මෙහෙයුමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මාර්ග ගත සාකච්ඡා පවත්වා මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව අවසන් කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

 “IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

“IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

 ‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

 ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

පොලිස් ජීප් එකෙන් අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමි

පොලිස් ජීප් එකෙන් අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා