
ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර් මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් නව දිල්ලි අගනුවර පැවැති විරෝධතාව අතරතුරදී, පොලිස් නිලධාරීන්ගෙන් තමාට ලිංගික හිරිහැර සිදු වූ බව මාධ්‍යවේදිනියන් තිදෙනෙකු චෝදනා කර තිබේ.
ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය කිරීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවලට එරෙහිව පැවති මෙම විරෝධතාවේදී පොලිසිය විසින් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන සහ සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ අංශය වෙත යොමු කර ඇති බව දිල්ලි පොලිසිය පවසයි.
මැතිවරණ කොමිෂන් සභාව විසින් සංශෝධිත ඡන්ද හිමි නාමලේඛනය හරහා මේ වන විට මිලියන 130ක පමණ පිරිසකගේ නම් ඉවත් කර ඇති අතර, එය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂයට වාසි වන පරිදි සිදුකර ඇති බවට විපක්ෂය සහ විරෝධතාකරුවන් චෝදනා කර සිටී.
කෙසේ වෙතත්, මැතිවරණ කොමිසම සහ භාරතීය ජනතා පක්ෂය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
මේ අතර විරෝධතාව අතරතුරදී පොලිසිය සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් සහ අතවර කිරීම් සම්බන්ධයෙන් ඉන්දීය පුවත්පත් සමාජය සහ විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා දැඩි විරෝධය පළකර තිබේ.
මාධ්‍යවේදීන්ට නිදහසේ තොරතුරු වාර්තා කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතු බවත්, මෙම සිදුවීමට අදාළව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වහාම පිළිතුරු දිය යුතු බවත් ඔවුන් අවධාරණය කර සිටී.





















































