
හෙට (05) දිනට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයින පුරා නිවාස පන්දාහක් විවෘත කිරීමේ වැඩසටහනක් සංවිධාන කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
ඒ අනුව සෑම ග්‍රාම නිලධාරි වසමකම අවම වශයෙන් එක් නිවසක් විවෘත කෙරෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම නිවාස රජයේ රුපියල් ලක්ෂ 10ක ආධාර සහ ප්‍රජා ශ්‍රමයෙන් ඉදිකර තිබේ.
උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචිකරවීමේ ව්‍යාපෘති යටතේ රුපියල් ලක්ෂ 20ක ආධාර යටතේ ඉදිකළ නිවාස ද හෙට දිනයේදී විවෘත කිරීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 618, මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 200ක්, යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 694ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 341ක්, අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස 402ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 348ක් ද ඉදිකර ඇති බව සඳහන්ය.
මේ අතර ලෝක ජනාවාස දිනයට සමගාමීව ජල ව්‍යාපෘති රැසක් ද ආරම්භ කිරීමට නියමිත බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





















































