
ජාත්‍යන්තර ප්‍රවාහන හා නාවික කොරිඩෝ ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සමීප හවුල්කාරිත්වයකින් කටයුතු කිරීමට මොස්කව් පාලනය සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් පවසා තිබේ.
ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ රුසියාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සහයෝගිතාව, ප්‍රවාහන හා ප්‍රවාහන යටිතල පහසුකම් ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී, ඉතා විශාල වර්ධන හැකියාවකින් යුක්ත වන බවය.
ගෝලීය ප්‍රවාහන මාර්ගයන්හි වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති පූටින් වැඩිදුරටත් පවසා ඇත්තේ නව දිල්ලිය සමඟ පවතින බහුවිධ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට රුසියාව කැපවී සිටින බවය.
උපායමාර්ගිකව ඉතා වැදගත් වන උතුරු-දකුණු ජාත්‍යන්තර ප්‍රවාහන කොරිඩෝවේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙම ප්‍රමුඛ ජාත්‍යන්තර කොරිඩෝව ඒකාබද්ධව භාවිත කිරීමට රුසියාව පක්ෂපාතීව සිටින බවද පෙන්වාදී තිබේ.
තවද, යුක්‍රේන ගැටුම නිමා කිරීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දරන උත්සාහය අගය කළ ජනාධිපති පූටින්, සාමකාමී විසඳුමක් උදෙසා ඔහු සතුව යහපත් අදහස් පවතින බවද සඳහන් කර ඇත.





















































