
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජේ. ක්ලේටන් පත් කර තිබේ.
ඒ අනුව ජේ. ක්ලේටන් ජාතික බුද්ධි අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන අතරතුර කෘත්‍රිම බුද්ධි ප්‍රධානී ධුරයේ ද කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මඟින් මතු විය හැකි අවදානම් සහ අවස්ථා සමාලෝචනය කර දින 120ක් ඇතුළත වාර්තා කරන ලෙස ඔහුට වගකීම් පවරා ඇත.
කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය තුළ චීනය වැනි රටවල් සමඟ පවතින ගෝලීය තරගකාරීත්වය හමුවේ අමෙරිකාවේ පෙරමුණ රැක ගැනීම සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙහි මූලික අරමුණ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.





















































