header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
මරණ දඬුවම ක්‍රියාත්මක කළත් මිය නොගිය අමෙරිකානු කතගේ සම්පූර්ණ කතාව
මරණ දඬුවම ක්‍රියාත්මක කළත් මිය නොගිය අමෙරිකානු කතගේ සම්පූර්ණ කතාව
Mobitel 1278

විෂ එන්නත් ලබා දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැරූ ප්‍රයත්නය අසාර්ථක වීමෙන් අනතුරුව, ඇමෙරිකාවේ 50 හැවිරිදි ක්‍රිස්ටා පයික් නමැති කාන්තාව මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

තම පෙම්වතාට අපහාස කළ බවට හා ඔහුව පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා කරමින්, 1995 වසරේදී 19 හැවිරිදි කොලීන් ස්ලෙමර් නමැති තරුණියට වධහිංසා පමුණුවා ඝාතනය කිරීමේ වරදට ක්‍රිස්ටා පයික් හට මරණ දඬුවම නියම වූයේ 1996 වසරේදී ය.

ඝාතනය සිදු කරන අවස්ථාවේ ඇගේ වයස අවුරුදු 18ක් වූ අතර, ඇය ටෙනෙසි ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වී සිටින එකම කාන්තාව ද වේ.

එසේම මෙම ප්‍රාන්තය තුළ කාන්තාවකට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වූයේ වසර 200කට පසුව වීම ද විශේෂත්වයකි.

ඇයට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වමින් පහළ අධිකරණයක් ලබා දී තිබූ අත්හිටුවීමේ නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවලංගු කිරීමත් සමඟ, ඇයට විෂ එන්නත් විද මරණ දඬුවම ලබා දීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, ඉකුත් බදාදා බන්ධනාගාර නිලධාරීන් විසින් ඇයගේ සිරුරට පෙන්ටොබාබිටල් (Pentobarbital) නැමැති විෂ ඖෂධ මාත්‍රාවන් දෙකක් ලබා දී තිබුණ ද ඇය මියගොස් නොමැත.

පසුව ගිලන් රථයකින් ඇයව නෑෂ්විල් ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කිරීමට බලධාරීන්ට සිදු විය.

මේ වන විට ඇය සිහිසුන්ව, ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් පසුවන බව ඇගේ නීතිඥයෝ පවසති.

විෂ එන්නත් කිරීමේදී ඇගේ සිරුරට කටු 7කට වඩා වැඩි සංඛ්‍යාවක් භාවිතා කර ඇති අතර, එක් ඉඳිකටුවක් අංශක 90කට නැමී තිබූ බව ද සඳහන් වේ.

විෂ ශරීරගත වන අතරතුර ඇය හඬමින් සහ වේදනාත්මකව කෑගසමින් සිට ඇත.

ඇයට පවතින රුධිරය කැටිගැසීමේ රෝගී තත්ත්වයක් සහ සිරුරේ ලේ නහර කුඩා වීම හේතුවෙන් විෂ ඖෂධය නිවැරදිව රුධිරයට ගමන් නොකර සම යට පටක අතරට කාන්දු වීම හෝ රුධිරය කැටි ගැසීම නිසා ඇගේ ජීවිතය බේරෙන්නට ඇති බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

මෙම අසාර්ථක ප්‍රයත්නයත් සමඟ ටෙනෙසි ප්‍රාන්ත ආණ්ඩුකාර බිල් ලී විසින් සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝග කර ඇත.

එමෙන්ම ප්‍රාන්තයේ සියලුම මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම මේ වසර අග දක්වා අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

මේ අතර, සිදුවූ අසාර්ථක වීම සහ ඇය විඳි දැඩි වේදනාව සැලකිල්ලට ගනිමින් ඇගේ මරණ දඬුවම ලිහිල් කරන ලෙස ක්‍රිස්ටා පයික්ගේ නීතිඥ කණ්ඩායම අධිකරණයෙන් ඉල්ලා සිටින අතර, සිදුවීමට අදාළ සියලුම සාක්ෂි සුරක්ෂිතව තබන ලෙස ද ඉල්ලීමක් කර ඇත.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

 දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

 රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

 අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

 අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

 අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

 fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

 බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

 නාමල් අදත් කොටුවට...

නාමල් අදත් කොටුවට...

 වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

දෙල් මිල දෙල්වෙයි

දෙල් මිල දෙල්වෙයි

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !