
විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 06ක හෙරොයින් සොයා ගැනීමට ද පොලීසිය සමත් වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (03) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.





















































