
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදුන් බවට වන චෝදනා මත අත්අඩංගුවට ගත් කැමරා ශිල්පියා පොලිස් ඇප මත මුදාහැර තිබේ.
කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් ඔහු අද (01) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.
රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවක් සඳහා පෙනී සිටීමෙන් අනතුරුව අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙමින් සිටියදී ඒ මහතාට ආරක්ෂාව සැපයූ නිලධාරියෙකුගේ හිසට, පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් පහරදීමක් සිදුකර තිබුණි.
අදාළ ආරක්ෂක නිලධාරියා පසුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේ දී එම කැමරා ශිල්පියා අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔහු මෙලෙස පොලිස් ඇප මත මුදාහැර ඇත.























































