
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ නිදහස් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එක්සත් ජාතික පක්ෂය අද (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ පිළිබඳව අදහස් දැක්වීය.
මේ අතර, සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන සඳහා අදාළ කැමරා ශිල්පියා කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත කැඳවා තිබේ.
ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටතට පැමිණි අවස්ථාවේදී, එහි සිටි පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් ඒ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට මෙලෙස ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියා සිද්ධියෙන් පසුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරිණි.





















































